සිහිකැඳවීම් ගණනාවකට පසු සනත් නිශාන්තගේ නිල නිවසත් භාර දෙයි !

366 Views
1 Min Read

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාට රජය විසින් ලබාදී තිබූ නිවාසය නැවත භාරදී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සිහිකැඳවීම් ගණනාවකින් අනතුරුව එය ලබාදී ඇති බවයි, අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ හිතවතකු පැමිණ හිඟ කුලී මුදල ගෙවීමෙන් අනතුරු අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් ගොස් එම නිවස භාරගෙන ඇති බවයි ජාතික පුවත්පතක දැක්වෙන්නේ.

සනත් නිශාන්ත මහතා රිය අනතුරකින් පසුගිය ජනවාරි මස 25 වැනිදා මිය ගියා.

ඉන් අනතුරුව ඔහුගේ බිරිඳට සහ දරුවන්ට එම නිවාසයේ රැඳි සිටීමට එවක පැවැති රජය අවස්ථාව සලසාදී තිබුණේ.

කෙසේවෙතත් නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ හිටපු මැතිඇමතිවරුන්ගේ නිල නිවාස යළි රජයට භාර ගැනීමට තීරණයක් ගෙන තිබුණා.

ඒ අනුවයි, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාගේ නිවසත් භාරගැනීමට කටයුතු කළේ.

මේ සමඟ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නිල නිවාස සියල්ල භාරදී අවසන් බවයි, අමාත්‍යංශයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share This Article
Leave a comment