මෙල්බන් කැළඹෙයි – පොලීසියට අස්ව අසූචි ප්‍රහාර !

718 Views
1 Min Read

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් හි යුද විරෝධී විරෝධතාවක් පවත්වා තිබෙනවා. ඒ නරග මධ්‍යයේ පැවති ආරක්ෂක ප්‍රදර්ශනයක් අතරතුරයි.

තෙදිනක් පුරා පැවැත්වීමට කටයුතු කර තිබූ මෙම ආරක්ෂක ප්‍රදර්ශනයට ගෝලීය ආරක්ෂක විශේෂඥයින් සහභාගීවන අතර, හමුදා උපකරණ ආදියත් ප්‍රදශනය කෙරෙනවා.

පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම විරෝධතාකරුවන්ව පාලනය කිරීම සඳහා පොලීසිය ඔවුන් දෙසට රබර් උණ්ඩ, කඳු ගෑස් සහ, ගම්බිරිස් ඉසින භාවිත කර තිබෙනවා.

එහිදී විරෝධතාකරුවන් පොලීසිය දෙසට ගල් , සහ අශ්ව අසූචිවලින් පහර දුන් බව සඳහන්.

අවි කර්මාන්තය සහ එහි ලාභය කෙරෙහි බොහෝ රටවල මහජන කෝපය ගැඹුරු කර ඇති අවස්ථාවක මෙම විරොධතාව සිදුකර ඇති අතර එහිදී මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා නිලධාරීන් 1,000 කට අධික සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

Share This Article
Leave a comment