තලතා රනිල්ගේ සහයට වැලිමඩ වේදිකාවට ගොඩ වෙයි !

397 Views
1 Min Read

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය මේ වන විට වැලිමඩ නගරයේ පැවැත්වෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන රැලියට එක් වී ඇති බව වාර්තා වනවා.

තලතා අතුකෝරළ මහත්මිය විශේෂ ප්‍රකාශයක් කරමින් ඉකුත්දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ජනපතිගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය පළ කරමින් වේදිකාවකට ගොඩ වූ පළමු අවස්ථාව මෙයයි.
 

Share This Article
Leave a comment