තායිවානයට තවත් ප්‍රබල භූ කම්පනයක් !

794 Views
1 Min Read

අද (27) උදෑසන තායිවානයේ හුවාලියන් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූකම්පනයක් ඇතිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ දිනයේද භූකම්පන මාලාවක් සිදු වී ඇති බවයි.

කෙසේ නමුත් සිදු වූ හානි සම්බන්ධව තවමත් වාර්තා වී නැහැ.

පසුගියදා දැඩි හානි ගෙන දෙමින් සිදු වූ භූමිකම්පාවෙන් අනතුරුව මේ දක්වා තායිවානය භූකම්පන 1000කට අධික සංඛ්‍යාවකට මුහුණ දී ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ අතරම 2016 දී දකුණු තායිවානයේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගිය අතර 1999 දී රික්ටර් පරිමාණයේ 7.3 ක භූමිකම්පාවකින් පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

Share This Article
Leave a comment