බේරුවල මාගල්කන්ද මුහුදු වෙරළ ආශ්‍රිත ජනතාවට විශේෂ පණිවිඩයක් !

626 Views
1 Min Read

බේරුවල මාගල්කන්ද මුහුදු වෙරළ ආසන්නයේ දින ගණනාවක සිට ගැට කිඹුලෙක් සැරිසරන බව ප්‍රදේශවාසීහූ පවසති.

එම කිඹුලා ඊයේ දිනයේ ද වෙරළ ආසන්නයේ සැරිසරන ආකාරය ප්‍රදේශයේ වාසීන් දැක තිබේ.

මේ හේතුවෙන් ධීවරයින් ද තරමක භීතියෙන් පසුවන බවත්, ප්‍රදේශයේ ජනතාව මුහුදුවෙරළට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවත් වාර්තා වේ.

ප්‍රදේශවාසීන් විසින් කිඹුලා සම්බන්ධයෙන් දිගින් දිගටම හික්කඩුව වනජීවි කාර්යාලය දැනුවත් කළ ද ඔවුන් කිඹුලා ඇල්ලීමට කිසිදු පියවරක් මෙතෙක් ගෙන නොමැති බව ප්‍රදේශවාසිහූ කියා සිටිති.

Share This Article
Leave a comment