සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා.
ඒ, 2019 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන යෑම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩු විභාගයක් සම්බන්ධයෙනි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් මෙම තීන්දුව ලබා දුනි.
2019 වසරේ නොවැම්බර් 10 වනදා කොළඹ පැවති අදාළ මාධ්‍ය සාකච්ඡාව හරහා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අගතියක් සිදු කිරීමේ අරමුණින් බොරු සාක්ෂි නිර්මාණය කිරීම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් ඇතිවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා එල්ල කර තිබුණා.
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය…