Local

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින් දෙසැම්බර් 21 ,23,27,28 , 30 සහ 31 දිනවල අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළව සංශෝධනය කරන ලද විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මේ අතර දෙසැම්බර් 04 දා සිට 20 දක්වා පෙර කාල සටහනේ සඳහන් විෂයන් එම දිනවල නියමිත ලෙස පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ලා දුඹුරු පැහැයෙන් නිකුත් කර ඇති මෙම සංශෝධිත කාල සටහනේ පිටපතක් උසස් පෙළ සියලුම අපේක්ෂකයන් සඳහා සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන දෙසැම්බර් 07 දා විභාග මධ්‍යස්ථානවලදී ලබා දෙන බවද ඒ ඒ අපේක්ෂකයන් සඳහා තමන්ට නියමිත විෂයන් සඳහාවූ කාල සටහන විහාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර බාගත කර ගැනීමට පහසුකම් සලසන බවද විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.

Team CNF

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

4 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

6 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

6 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

7 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

7 hours ago

උසස් පෙළ විභාගය නැවත ආරම්භවන දිනය මෙන්න !

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය…

1 day ago