OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

743 Views
1 Min Read

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත සක්‍රිය කිරීම සඳහා සිවිල් සමාජයා වෙනුවෙන් සමස්ථ ලංකා බස් මඟින්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත ලිපියක් යොමු කරමිනි.

සමස්ත ලංකා බස් මගී සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්තගේ අත්සනින් යොමු කර ඇති එම ලිපියේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය විනිවිදභාවය, වගවීම සහ සහභාගීත්ව පාලනය ප්‍රවර්ධනය කිරීමේ වැදගත් පියවරක් වන අතර රජය සහ සිවිල් සමාජය අතර සහයෝගීතාව වර්ධනය කරන වේදිකාවක් ලෙස, රාජ්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය ශක්තිමත් කිරීමට සහ පුරවැසි කේන්ද්‍රීය ප්‍රතිපත්ති සම්පාදනය සහතික කිරීමට OGP හට ඉමහත් හැකියාවක් ඇති බව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

HE-Letter
Share This Article
Leave a comment