News

නායකයා සමග පැටලුනු අල්සාරි ජෝසෆ්ට තරඟ තහනමක් !

බටහිර ඉන්දීය කොදෙව් එක්දින නායක ෂායි හෝප් සමගින් උණුසුම් වචන හුවමාරුවක පැටලුනු අල්සාරි ජෝසෆ්ට තරග දෙකක තහනමක් පැනවීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

එම ආයතනය පවසන්නේ අල්සාරිගේ හැසිරීම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආරක්ෂාකරන මූලික ආචාරධර්මයන්ට නොගැළපෙන බවයි. එනිසා එවැනි හැසිරීම් නොසලකාහැරිය නොහැකි තත්ත්වයේ වරදක් බව පවසනවා.

එංගලන්තයට එරෙහිව පෙරේදා (6) අවසන් වූ තෙවැනි හා අවසන් එක්දින තරගයේදී ඇති වූ සිදුවීමක් මුල්කරගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

එම තරගයේ 4වැනි පන්දුවාරයේදී පන්දුවට පහරදමෙින් සිටි එංගලන්ත පිතිකරු ජෝඩන් කොක්ස්ට පිටිය සැකසූ ආකාරය සම්බන්ධයෙන් ජෝසෆ් හා නායක හෝප් අතර මෙම ආරවුල ඇතිවීමට මුල්වී ඇත.

කෙසේ නමුත් එම පන්දුවාරයේදී අල්සාරි ජෝසෆ්ට, කොක්ස්ගේ කඩුල්ල දවාගැනීමට හැකිවිය.

එහෙත් ඔහු සිය සඟයන් සමගින් කඩුලු සැමරුමට එක් නොවූ අතර, ඒ අතරවාරයේදීද වචන විවාදයකට නිතර වී තිබෙනවා.

අල්සාරිගේ එම හැසිරීමට කොදෙව් පුහුණුකරු ඩැරස් සැමී දැඩි ලෙස අප්‍රසාදය පළකළ අතර, ඒ හේතුවෙන් ඔහු පන්දුවාරය අවසන් වනවාත් සමගම අල්සාරි වහාම ක්‍රීඩාගාරයට කැඳවීමටද කටයුතු කළා.

නමුත් පසුව ඔහු නැවතත් පන්දු යැවීමේ නිතර විය.

මෙම තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට බ.ඉ. කොදෙව් කණ්ඩායමට හැකි වූ අතර, ඒ සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමටද කොදෙව්වන් සමත් විය.

Team CNF

Recent Posts

රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මෙන්න !

2024 මහමැතිවරණයේ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 24776 සමගි…

1 hour ago

පළමු ඡන්ද ප්‍රතිඵලය මෙන්න – ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය !

2024 මහමැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 32,296…

2 hours ago

මැතිවරණ රාජකාරිවල හිටපු පොලිස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් තිදෙනෙක් හදිසියේ මියයයි !

මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු සහ වෙනත් සිවිල් නිලධාරීන් දෙදෙනකු හදිසි රෝගාබාධ තත්වයන්…

7 hours ago

පැය දෙකක් තිස්සේ වැරදි ඇඟිල්ල පාට කරලා – ඡන්ද දාකයකයන්ගෙන් දැඩි විරෝධයක් !

වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද මුල් පැය දෙක ඇතුළතදී ඡන්ද…

7 hours ago

දඹානේ ආදිවාසී ප්‍රජාව ජන්ද​ය වර්ජනය කරති – රජයෙන් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලති!

දඹානේ ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කර තිබේ. මේ අතර තමන්ගේ…

8 hours ago

දුම්රිය ගමන්වාර 10ක් අවලංගුයි – හේතුව මෙන්න !

දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය…

12 hours ago