Local

බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න කපුවාගේ තවත් සැප වාහනයක් අත්අඩංගුවට !

ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මිට්සුබිෂි මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් එම සැකකරු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහගේ උපදෙස් පරිදි එම සුඛෝපභෝගී ජීප් රිය අත්අඩංගුවට ගෙන තිබේ.

දේවගැතිවරයාට අයත් බව කියන එම සීපී ජේආර් 5556 අංකය සඳහන් ජීප් රිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව එම අංකයට ලියාපදිංචි කළ තවත් මොන්ටේරෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රියක් කුලියාපිටිය ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණය වීමෙන් පසු එහි නීත්‍යානුකූල හිමිකරුගෙන් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ගල්තැන්නේ ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී ජීප් රිය තෙල්දෙණිය කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් බාරයට ගෙන තිබේ .

මෙම දේව ගැතිවරයාගේ ගාල්තැන්නේ පිහිටි වාහන අංගනයේ සැක කටයුතු වාහන දොළහක් පමණ තිබෙන බව පවසන පොලිසිය ඩිෆන්ඩර් රථ, මොන්ටේරෝ වර්ගයේ ජීප් රථ. කාර් රථ ඇතුළු වාහන ගණනාවක් ඇති බවද පොලිසිය කියයි.

එම වාහන වල චැසි අංක සහ එන්ජින් අංක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයට ලබා දී ඇති බවද පොලිසිය පවසයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිවීම ඡන්දය භාවිත කිරීමට බාධාවක් නෙමේ – මැතිවරණ කොමිසම

උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. මැතිවරණ…

8 mins ago

කුසල්ගේ සහ අවිශ්කගේ ශතක හමුවේ නවසීලන්තයට එරෙහිව වසට 9කට පසු ශ්‍රී ලංකාවට එක්දින ජයක්!

කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතකය​න් හා ද​ඟ පන්දු යවන්නන්ගේ අනර්ඝ පන්දු යැවීම…

10 hours ago

දේශපාලකයින්ගේ ගිනි අවි ගැන දැනුම්දීමක් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට…

1 day ago

සිහිකැඳවීම් ගණනාවකට පසු සනත් නිශාන්තගේ නිල නිවසත් භාර දෙයි !

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතාට රජය විසින් ලබාදී තිබූ නිවාසය නැවත භාරදී ඇති…

1 day ago

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

1 day ago

දින දෙකක් බාර් වැසෙයි !

නොවැම්බර් 14 වන දින පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මැතිවරණය පැවැත්වෙන දින එනම් 14 වන දින…

2 days ago