World

ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් !

තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසනවා.

පසුගිය සතියේ ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව යළි අවධාරණය කරමින් ඉරාන අධ්‍යාත්මික නායකයා පෙන්වාදී ඇත්තේ සිය රටට සහ ජනතාවට එරෙහිව කටයුතු කරන අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඉදිරියේ දී දරුණු ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇති බවය.

ටෙහෙරාන් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉරාන විරෝධතාකරුවන් විසින් අත්පත් කරගැනීමේ 45 වන සංවත්සර සැමරුමට සමගාමීව පැවති උත්සවයක් අතරතුර අයතුල්ලා අල්කමේනි මේ බව සඳහන් කර තිබුණි.

1979 වසරේ නොවැම්බර් මස 04 වැනිදා ඉරාන විරෝධතාකරුවන් විසින් අමෙරිකානු තානාපති කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 50 දෙනෙකු සිය භාරයට ගැනීමේ සිදුවීමෙන් පසු ඉරාන අමෙරිකා සබඳතා ස්ථාවර තත්ත්වයට පත් නොවීය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා වාර්ෂික වියදම රුපියල් මිලියන 1,100ක් !

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට මෑතක ඇතැම් පාර්ශව පළකර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්,…

11 hours ago

විවාහ පනත සංශෝධනය වනවාද ? – අමාත්‍ය විජිත පැහැදිලි කරයි !

මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි අවශ්‍යතාවයක් මෙතෙක් මතුව…

12 hours ago

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි !

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා චරිත්…

14 hours ago

ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වෙයි !

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබෙනවා.…

15 hours ago

වෛද්‍ය සාෆී සියලු චෝදනාවලින් නිදහස් !

විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා . 2019…

18 hours ago

ගෝල් ෆේස් පිටිය ගැන ගත් තීරණය මෙන්න !

ගෝල් ෆේස් පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක…

19 hours ago