පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදයි !

188 Views
1 Min Read

මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය ලෙස අද (01) දිනය ක්‍රියාත්මක වනවා.

ඒ අනුව අද පස්වරු 4.30 දක්වා ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය ලෙස ඔක්තෝබර් 30 වනදා ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිදු කෙරුණා.

එදින (ඔක්තෝබර් 30) සහ අද දිනයේදීත් (නොවැම්බර් 01) තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින් හට නොවැම්බර් මස 7 සහ 8 යන දෙදින තුළත් තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This Article
Leave a comment