මාසික මිල සූත්‍රයට අනුව සිදුවන ඉන්ධන මිල ගණන් සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබෙනවා.
පසුගිය සති කිහිපයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් ද දිගින් දිගටම පහළ යමින් පැවතියත් මෙරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වන බව මෙතෙක් දැනුම් දී නැහැ.
පසුගිය මාසයට සාපේක්ෂව බොරතෙල් මිලෙහි තවමත් පහළ අගයක් පවතින අතර , ලබන මාසයේ සිට සෞදි ආරබිය, චීනය වෙත සිදු කරන බොරතෙල් සැපයුම ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේවෙතත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල දැනට පහළ අගයක් පැවතීම තුළ ලංකාවේ ද ඉන්ධත මිල පාරිභෝගිකයින්ට දැනෙන ගණනකින් අඩු කළ හැකි වේ.
එවන් තත්ත්වයක් තුළ අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී තෙල් මිල තවත් පහළ යනු ඇති බවයි විශේලේෂකයින් පවසන්නේ.