එළඹෙන නත්තල් උත්සව සමයේ වැඩි මුදලට විකුණීම සඳහා අප්‍රිකානු සූකර උණ සෑදී මිය ගිය ඌරන්ගේ මස් ශීතාගාර වල තැම්පත් කර ඇති බවට ලද තොරතුරක් හමුවේ ජා- ඇල, වත්තල, ඒකල, මීගමුව කටාන, සීදුව ප්‍රදේශ වල ශීතාගාර පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එම වෛරසය හේතුවෙන් මිය ගින ඌරන්ගේ මස් රු. 100 බැගින් මිලදී ගෙන උත්සව සමයේ රු.1200 බැගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයට ලද තොරතුරක් මත මෙම පරීක්ෂාව සිදු කර තිබෙනවා.
සාමාන්‍යයෙන් එම ශීතාගාර වල තැම්පත් කරන අනෙකුත් මාංශ වර්ග සමග ඌරුමස් ද ගබඩා කර ඇති බවට තොරතුරු ලැබුණු බව ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ඩී. ආර්. ඩබ්. බණ්ඩාර සඳහන් කලා.
කෙසේවෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ ඉහත සඳහන් ප්‍රදේශ වල රෝගය පැතිර යන බැවින් එම ප්‍රදේශ වල සිට වෙනත් පළාත් වෙත ඌරන් හා ඌරු මස් ප්‍රවාහනය කරන්නේ නම් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනිවාර්ය අවසරය ලබාගත යුතු බවට සත්ත්ව නිෂ්පාදන හා පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව අඩුකර ඇති බවට මෑතක ඇතැම් පාර්ශව පළකර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත්,…
මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එවැනි අවශ්‍යතාවයක් මෙතෙක් මතුව…
සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා චරිත්…
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබෙනවා.…
විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා . 2019…
ගෝල් ෆේස් පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක…