අප්‍රිකානු සූකර උණ හේතුවෙන් මිය ගිය ඌරන්ගේ මස් ගබඩා කර ඇති ශීතාගාර සොයා ජා-ඇල පිරික්සයි !

283 Views
1 Min Read

එළඹෙන නත්තල් උත්සව සමයේ වැඩි මුදලට විකුණීම සඳහා අප්‍රිකානු සූකර උණ සෑදී මිය ගිය ඌරන්ගේ මස් ශීතාගාර වල තැම්පත් කර ඇති බවට ලද තොරතුරක් හමුවේ ජා- ඇල, වත්තල, ඒකල, මීගමුව කටාන, සීදුව ප්‍රදේශ වල ශීතාගාර පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එම වෛරසය හේතුවෙන් මිය ගින ඌරන්ගේ මස් රු. 100 බැගින් මිලදී ගෙන උත්සව සමයේ රු.1200 බැගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයට ලද තොරතුරක් මත මෙම පරීක්ෂාව සිදු කර තිබෙනවා.

සාමාන්‍යයෙන් එම ශීතාගාර වල තැම්පත් කරන අනෙකුත් මාංශ වර්ග සමග ඌරුමස් ද ගබඩා කර ඇති බවට තොරතුරු ලැබුණු බව ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ඩී. ආර්. ඩබ්. බණ්ඩාර සඳහන් කලා.

කෙසේවෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ ඉහත සඳහන් ප්‍රදේශ වල රෝගය පැතිර යන බැවින් එම ප්‍රදේශ වල සිට වෙනත් පළාත් වෙත ඌරන් හා ඌරු මස් ප්‍රවාහනය කරන්නේ නම් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනිවාර්ය අවසරය ලබාගත යුතු බවට සත්ත්ව නිෂ්පාදන හා පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.

Share This Article
Leave a comment