පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබෙනවා.
තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම එම මුද්දර පාවිච්චි කිරීම තහනම් වන බැවින් එම මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට නැවත බාරදෙන ලෙසයි .
එමෙන්ම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙසද තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී යනු ලබනවා.
මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමනා,ඉන්ධන දීමනා,නිල නිවාස මෙසේ අහිමිවී ගිය සෙසු පහසුකම් වනවා.
පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි…
ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙක්ට ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී වෙඩිතබා ඝාතනය කර තිබේ. අද…
ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය සම්බන්ධයෙන් නියෝගය ලබන…
ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණිමේ සැලසුම් අත්හැර දමා වඩාත් ලාභදායි අනාගතයක් උදෙසා ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත…
අම්බුළුවාව ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ…
ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ…