අයි.සී.සී කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (3) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වනවා.
පළමු දිනයේ දී තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර, එහිදී මෙවර තරගාවලියේ නිල සත්කාරක අයිතිය හිමි බංග්ලාදේශය, ස්කොට්ලන්තයට එරෙහිව සාජා හී දී තරග වැදීමට නියමිතයි.
තරගාවලියේ දෙවැනි තරගය ද හෙට පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ පාකිස්තානයට එරෙහිවයි.
පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 3:30 ට ද, දෙවැනි තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7:30 ට ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකක් ක්‍රීඩා කළ අතර, එහිදී පිළිවෙලින් බංග්ලාදේශය හා ස්කොට්ලන්තය පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.
2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට රටවල් 10 ක් එක්වනවා. දින 18 ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 23 ක් ඇතුළත්. ඩුබායි හා සාජා හී දී සියලු තරග පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය මෙවරත් හිමිව ඇත්තේ Star Sports මාධ්‍ය ජාලයටයි.
තරගාවලියේ මෙරට නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස TV මාධ්‍ය ජාලයට හිමිව ඇති අතර, ඒ අනුව තරගාවලිය TV1 නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි. තරගාවලිය www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ද සජීවීව නැරඹීමට අවස්ථාව හිමිවනවා.
රටවල් කාණ්ඩ ගත කර ඇති අයුරු –
- Group A: Australia, India, New Zealand, Pakistan, Sri Lanka
- Group B: South Africa, England, West Indies, Bangladesh, Scotland
ශ්‍රී ලංකා තරග කාලසටහන –
- 3 October, Thursday, Pakistan v Sri Lanka, Sharjah, 7:30 PM
- 5 October, Saturday, Australia v Sri Lanka, Sharjah, 7:30 PM
- 9 October, Wednesday, India v Sri Lanka, Dubai, 7:30 PM
- 12 October, Saturday, New Zealand v Sri Lanka, Sharjah, 3:30 PM