ප්‍රවීන් ජයවික්‍රමට වසරක ක්‍රිකට් තහනමක් !

992 Views
2 Min Read

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට එරෙහිව වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් මාස හයක කාලයක් අත්හිටුවීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

අයි.සී.සී දූෂන විරෝධී සංග්‍රහය (ICC Anti-Corruption Code) උල්ලංඝනය කළ බවට ප්‍රවීන් ජයවික්‍රම විසින් පිළිගැනීම හේතුවෙන් මෙම තහනම පනවා තිබෙනවා.

ඔහු විසින් අයි.සී.සී දූෂන විරෝධී සංග්‍රහයේ 2.4.7 වගන්තිය එනම්, “Obstructing or delaying any investigation that may be carried out by the ACU, including concealing, tampering with, or destroying any documentation or other information that may be relevant to that investigation and/or that may be evidence or may lead to the discovery of evidence of corrupt conduct under the Anti-Corruption Code.” යන වගන්තිය උල්ලංඝනය කර ඇති බව සදහන්.

එම වගන්තිය ප්‍රකාරව විමර්ශනයන්ට අදාළ විය හැකි සහ/හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව ACU මගින් සිදු කළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනාවන්ට ඔහු ලක්ව සිටිනවා.

ජාත්‍යන්තර තරග හා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ඔහුට එරෙහිව මෙම චෝදනාව ගොණු කර තිබුණා.

ජයවික්‍රම අවසන් වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබුණේ 2022 වසරේදී යි. ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග පහක්, එක්දින තරග 5ක් හා විස්සයි 20 තරග 5 ක් ක්‍රීඩා කර තිබෙනවා. එහිදී ප්‍රවීන් දවා ගත් කඩුලු ගණන 32 ක්.

Share This Article
Leave a comment