සජබ ආසන සංවිධයකයෙකු වෙළඳසැල් හිමියෙකුට පහර දෙයි !

329 Views
1 Min Read

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් නැමැත්තා වෙළඳසැල් හිමියෙකුට පහර දී තිබෙනවා.

ඊයේ (15) දිනයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට එක්ව සිටි නාවලපිටිය ආසන සංවිධායකවරයා වෙළදසැල තුළට පැමිණ එහි හිමිකරුට අත්පත්‍රිකාවක් ලබාදීමට යාමේ දී වෙළදසැල්හිමියා එය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනූව කෝප වී ඇති නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් වෙළදසැල්හිමියාට මෙලෙස පාර දී තිබෙනවා.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි අවස්ථාවේ ආසන සංවිධායකවරයා මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

Share This Article
Leave a comment