කිසිවකුගෙන් පළිගැනීමට හෝ සිරගෙදර යවනවා වෙනුවට පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන සත්‍යය පමණක් දැන ගැනීමට අවශ්‍ය බැවින් ඒ පිළිබඳ ඇත්ත තොරතුරු හෙළි කිරීමට පියවර ගන්නා ලෙස මැල්කම් රංජිත් කාදිනල්තුමා සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී.
පාස්කු ප්‍රහාරය සිදුවී වසර 06ක් ගතව ඇතත් එය සිදු කළේ කාගේ වුවමනාවට ද යන්න තවමත් කිසිදු දේශපාලනඥයකු විසින් අනාවරණය නොකිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බව ද කාදිනල්තුමා කියයි.
මෙම ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බවට පැහැදිලි සාක්ෂි තිබියදීත් එය තවදුරටත් හෙළිදරව් නොකරන්නේ මන්ද යන්න පුදුම සහගත බව ද කාදිනල්තුමා පවසයි.
එබැවින් මීළඟ ජනාධිපතිවරණයෙන් පත්වන නව ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳ සුල මුල හෙළිදරව් කොට නීතිය හා සාමය සාධාරණය පිරි යහපත් සමාජයක් බිහි කළ යුතු යැයි එතුමා දේව මෙහෙයකදී පැවසීය.