Local

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ එක් චෝදනාවකින් දුමින්දට නිදහස !

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංඛ මහතා ඊයේ (13) එම විත්තිකරුවන්ට දැනුම් දී තිබෙනවා.

නීතිවිරෝධී T56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම, ඒ සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, 17 වැනි චෝදනාව ගොනුකර තිබුණා.

2018 වසරේ ඔක්තොම්බර් 11 වැනිදා නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී තීන්දුව අනුව මහාධිකරණය විසින් ආර්. දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට 2016 සැපැතැම්බර් 08 වැනිදා එකී චෝදනාවට නියම කළ ජිවිතාන්තය දක්වා වූ සිරදඬුවම බලශුන්‍ය වන බවත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ චමින්ද රවි ජයනාත් (දෙමටගොඩ චමින්ද) හා සරත් බණ්ඩාර (එස්.එෆ්. සරත්) යන විත්තිකරුවන්ට විනිසුරුවරයා පහදා දී තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ආර්.දුමින්ද සිල්වා මහතා, මෙම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විත්තිකාර ආර්.දුමින්ද සිල්වා මහතාට දැනුම් දෙන ලෙස කරුණු සළකා බැලූ විනිසුරුවරයා නියෝග කළා.

එමෙන්ම මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී තීන්දුව අනුව 7 වන විත්තිකාර සරත් බණ්ඩාර නැමැත්තාට නව බන්ධනාගාර බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසටද මහාධිකරණ රෙජිෂ්ට්‍රාර්වරයාට නියෝග කර ඇති බවද සඳහන්.

මෙහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රවින්ද්‍ර ද සිල්වා මහතා පෙනී සිටියා.

Team CNF

Recent Posts

විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ නිවාඩු දින දෙකක් !

එළැඹෙන නොවැම්බර් 13 සහ 14 දෙදින වහාම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…

13 hours ago

උසස් පෙළ උපකාරක පන්ති ගුරුවරුන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක් !

මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2006 මැයි 31 දිනට පෙර උපන්, වයස අවුරුදු…

14 hours ago

Online ජාවාරමට අත්අඩංගුවට ගත් 58 දෙනාගේ තොරතුරු රැසක් එළියට !

හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන්…

15 hours ago

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අවලංගු කරයි !

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන්…

16 hours ago

විදුලි ගාස්තු සංශෝධනයක් ලඟදීම ?

විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය නියමිත ක්‍රමවේදියට අනුව සකස් ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත සති හයකින් පමණ…

17 hours ago

ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගැනේ !

ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයාගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හැකියාව තිබේ.…

19 hours ago