අදින් එළඹෙන දීර්ඝ නිවාඩුව සඳහා ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ඒ සඳහා අමතර බස් රථ 60කට ආසන්න සංඛ්‍යාවක් අද සිට ධාවනයට යෙදවීමට කටයුතු කරන බවයි.
කාල සටහනකින් තොරව අමතර බස් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මේ අතර අද රාත්‍රියේ සහ හෙට උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ධාවනයට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.