වහාම ක්‍රියාත්මක වන පරිදි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිවක වසාදැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන්.
ඒ අනුව එහි පාලනාධිකාරිය සියලු සිසුන්ට දැනුම්දී ඇත්තේ, පස්වරු හය පමණ වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසටයි.
ගැටුම ඇතිවූ පාර්ශ්ව සම්බන්ධයෙන් හෝ නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන්නේ කවදා ද යන්න සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙතෙක් විස්තර නිකුත් කර නැත.