සිරකරු දිනය වෙනුවෙන් රැඳවියන් 350කට රාජ්‍ය සමාව !

133 Views
1 Min Read

හෙට (12) දිනට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350 ක් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පැවසුවේ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බවය.

ඒ අනුව, දිවයිනේ සියලුම බන්ධනාගාර මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලැබූ සුඵ වැරදි සඳහා බන්ධනාගාර ගත වූ රැඳවියන් 350 දෙනෙකු හෙට දිනයේදී නිදහස් කිරීමට නියමිතයි.

මේ අතර හෙටට යෙදී තිබෙන සිරකරු දිනය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා හෙට (12) දින විශේෂ විවෘත අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙනවා.

ඒ අනුව හෙට (12) දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් බැලීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බවයි.

Share This Article
Leave a comment