ඡන්ද කාඩ් එක නැතිව ඡන්දේ දාන්නේ මෙහෙමයි – පැෆ්රල් විධායක අධ්‍යක්ෂකගේ පැහැදිලි කිරීම මෙන්න !

442 Views
1 Min Read

අනන්‍යතාව තහවුරු කළ හැකිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බව පැෆ්රල් හි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

තමන්ගේ ඡන්ද පොළ තමන් දන්නවා නම්, තමන්ගේ නම ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වෙලා තියෙනවා නම් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරන්න මැතිවරණ කොමිසමට ඉදිරිපත් කරන ලේඛනවලින් එකක් හෝ ඔබ සතුව තිබෙනවා නම් ඔබට ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා.

මේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඔබට පහසුවක් වේවි ඔබේ ඡන්ද මධ්‍යස්ථානය සහ ඔබේ අංකය හඳුනාගැනීම සඳහා. හැබැයි ඒක ඔබට නොලැබුණත් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් බිය වියයුතු වන්නේ නෑ. ඡන්දය පාවිච්චි කිරීමට එය බරපතළ බාධාවක් වෙන්නේ නෑ.”

Share This Article
Leave a comment