නව අගමැතිට විරුද්ධව ප්‍රංශය පුරා විරෝධතා !

1 Min Read

ප්‍රංශයේ නව අගමැති ලෙස මධ්‍යම දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන මිචෙල් බාර්නියර් පත් කිරීමට එරෙහිව ප්‍රංශය පුරා ලක්ෂයකට අධික ජනතාවක් විරෝධතා සඳහා එක්ව සිටියහ.

නව අගමැතිවරයාගේ පත්වීම සිදුවන්නේ වාමාංශික කන්ඩායම වන නව ජනතා පෙරමුණ විසින් එරට විශාලතම ආසන සංඛ්‍යාව දිනාගත් අවිනිශ්චිත මැතිවරණයකින් පසුවය.

තම අගමැති අපේක්ෂකයා ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයට පත් වෘත්තීය සමිති සහ නව ජනතා පෙරමුණ විසින් විරෝධතා කැඳවා තිබිණි.

ප්‍රංශයේ නව අගමැතිවරයා ලෙස පත් කළ බාරිනියර් යුරෝපා සංගමයේ හිටපු බ්‍රෙක්සිට් සාකච්ඡාකරු ලෙස කටයුතු කළ අතර ඔහු නව අග්‍රමාත්‍යවරයා වශයේ පත්වීමත් සමඟ පවසා සිටියේ වාමාංශිකයින් ඇතුළු දේශපාලන වර්ණාවලිය පුරා සිටින දේශපාලනඥයින් සමඟ රජයක් පිහිටුවීමට තමා විවෘතව කටයුතු කරන බවයි.

රටපුරා පැවති විරෝධතා සම්බන්ධයෙන් ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ සෙනසුරාදා දිනයේ පැවති විරෝධතා සඳහා විරෝධතාකරුවන් එක්ලක්ෂ දහස දහසක් පමණක් එක්ව ඇති බවත් පැරිසය තුල පමණක් විසි හය දහසක් පමණ විරෝධතාවලට එක්ව ඇති බවත්ය.

විරෝධතාවට එක්වූවන් ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කළ බවත් මැතිවරණය සොරකම් කළ බවටද චෝදනා කරනු ලැබීය.

රට පුරා විරෝධතා පැවතියද නව අග්‍රමාත්‍යවරයා විසින් නව රජයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවට ප්‍රංශ මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. මෙම තත්ත්වයත් සමඟ ප්‍රංශය පුරා දරුණු විරෝධතා මාලාවක් ආරම්භ වීමේ අවධානමක් පවතින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Share This Article
Leave a comment