ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස වෙත තම සහය ලබා දෙන බවට නිවේදනය කලා.
ඒ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.
රටේ අනාගතය හා ආර්ථිකය වෙනුවෙ උර දීම උදෙසා මෙම තීරණයට එළඹි බව ඔහු පවසා සිටියා.
ඔහු පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයෙන් 2020 වසරේදී මහ මැත්වරණය සඳහා සහභාගී වූ අතර ඉන් මනාප 114,319ක් ලබා ගැනීමට සමත් වුණා.