Local

වැඩිවන සෑම ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ටම මිලියන 200ක වියදමක් !

ජනාධිපතිවරණයේ වැඩිවන සෑම අපේක්ෂකයෙකු සඳහාම අමතරව රුපියල් මිලියන 200ක වියදමක් දැරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.

“එක අපේක්ෂකයෙක් වැඩි වුණ ගමන්, අඩුම ගානේ මම නම් කියන්නේ මිලියන 200ක් විතර අපේ වියදම වැඩි වෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ. මතවාදමය වශයෙන් එන කිහිපදෙනෙක් ඉන්නවා. අපිට කිසි ගැටලුවක් නෑ මතවාදය වෙනුවෙන් ඒ මිනිහා දෙන්නෙක් එක්ක හරි පෙනී ඉන්නවා. හුඟාක් දෙන්නේ මීඩියාවල කාලය අරගන්න. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් වෙන පක්ෂයකින් ඉල්ලන්න හරි නැත්නම් සංස්ථා සභාපති කෙනෙක් හරි, ගල්වළක් හරි වැලි පර්මිට් එකක් හරි මොනවා හරි තමා පිටිපස්සේ තියෙන්නේ. බැලට් පේපර් එකක් ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්නේ අඟල් 27.5යි. ඒක පැන්නොත් අපිට සිදුවෙනවා පේළි දෙකකට යන්න. අපි ඡන්ද පෙට්ටියකට දාන ඡන්ද පත්‍රිකා ගාන අඩුවෙනවා. අඩු වුණාම පෙට්ටි වැඩි වෙනවා. එතකොට මුල ඉඳලම වියදම වැඩිවෙනවා. වෑන් එකක් ගත්තහම කැබ් එකට ගෙනවන ගාන ගෙවන්න බෑ. වෑන් ඔක්කෝම ප්‍රයිවට් ගන්න වෙනවා. වැල වගේ වියදම එකට එකට වැඩි වෙනවා. වියදම වැඩි වුණාට කමක් නෑ සැබෑ මතවාදයක්, නියෝජනයක් වෙනුවෙන් නම්. පසුගිය මැතිවරණ ගණනාවේ ම ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නා හැරුණු විට සියලුම අපේක්ෂකයෝ අරන් තිබුණේ 5%ට වඩා අඩුවෙන්. එක තනතුරක් වෙනුවෙන් නේ මේක තියෙන්නේ. රටට ආදරේ කරන අපේක්ෂකයෝ නම් ඒ ගැන හිතන්න ඕනේ.”

ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයින් 27දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

Team CNF

Recent Posts

රන්ජිත් මද්දුම බණ්ඩාර අයින් වෙන්න , ඒ වෙනුවට මාව දාන්න – දමිතා සජබයේ ජාතික ලැයිස්තු පුටුවක් ඉල්ලයි !

පක්ෂයේ මහ ලේකම්වරයා පවසන පරිදි තමන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ සන්නිවේදන ප්‍රශ්නයක් හේතුවෙන් නම් සමගි…

12 hours ago

ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට !

ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙක්ට ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය, කනත්ත ආසන්නයේදී වෙඩිතබා ඝාතනය කර තිබේ. අද…

15 hours ago

අත්අඩංගුවට ගත් දමිතාගේ සහ සැමියාගේ වාහනය සම්බන්ධ අධිකරණ නියෝගයට දින නියම වෙයි !

ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය සම්බන්ධයෙන් නියෝගය ලබන…

16 hours ago

ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණන්නේ නෑ – ශ්‍රීලංකන් ගුවන් සේවය ගැන ගත් තීරණය මෙන්න !

ශ්‍රී ලංකන් ගුවන් සේවය විකිණිමේ සැලසුම් අත්හැර දමා වඩාත් ලාභදායි අනාගතයක් උදෙසා ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත…

16 hours ago

අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට අධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න !

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ…

16 hours ago

දරුවන්ගේ කැමැත්තට ඡන්දය දෙන්න එපා – තොණ්ඩමන් කියයි !

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ…

16 hours ago