පෑලියගොඩ කුණු මාළු අලෙවිය ඉහළට !

1.2k Views
1 Min Read

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ පාරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය අලෙවිය වැඩි වී ඇතැයි ධීවර අමාත්‍යංශය අනාවරණය කරගෙන තිබෙනවා.

පෑලියගොඩ මධ්‍යම මත්‍ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කළමණාකාර භාර රැස්වීම පසුගිය මැයි මස 17 වැනිදා කැඳවා තිබූ අතර එහිදී නරක් වූ මත්ස්‍යයන් හා පාරිභෝජනයට නුසුදුසු මත්ස්‍යයන් අලෙවි කරන බව හෙළිවුණා.

මේ අනුව කළමණාකාර භාරයේ සභාපතිනී ධීවර අමාත්‍යංශයේ ලේකම්ව සිටි කුමාරි සෝමරත්න නාරා ආයතනයට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් වාර්තා කැඳවීමට තීරණය කළා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොග අලෙවිසල් 154 ක් සහ සිල්ලර මත්ස්‍ය අලෙවිසල් 124 ක් තිබෙන බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය තොග වෙ​ළඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ පවසනවා..

ඉවතලන නරක් වූ මත්ස්‍යන් එක් රැස් කර අලෙවි කරන පිරිසක් සිටින බවත් වෙළෙඳ සංගමයේ කළමනාකාරීත්වය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තා ඉදිරිපත් කරන ලෙසට නාරා ආයතනයටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටත් ධීවර අමාත්‍යංශයේ ලේකම්ව සිටි කුමාරි සෝමරත්න උපදෙස් දී මාස දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් මෙතෙක් එකදු වාර්තාවක් හෝ ලැබී නොමැති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

Share This Article
Leave a comment