News

බංග්ලාදේශය සර්ප බියෙන් වෙළෙයි !

බංග්ලාදේශය පුරා සර්ප දෂ්ඨ කිරීම් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.මේ හේතුවෙන් බංග්ලාදේශයේ සෑම සෞඛ්‍ය මධ්‍යස්ථානයකම මෙන්ම රෝහලකම විෂ නාශක ඖෂධ ගබඩා කර තබන ලෙස නියෝග කර තිබෙනවා.

බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය සමන්ත ලාල් සෙන් එරට ජනතාවගෙන්ද ඉල්ලා සිටින්නේ, සර්ප දෂ්ටනයකට ලක්වුවහොත් හැකි ඉක්මනින් රෝහල් වෙත රැගෙන එන ලෙසයි.

සත්ත්ව විශේෂඥයන් පවසන්නේ දකුණු ආසියාවේ දක්නට ලැබෙන තිත් පොළඟාගේ (Russell’s Viper) දෂ්ට කිරීම්වලට ලක්වන පුද්ගලයින්ගේ වැඩිවීමක් බංග්ලාදේශයේ ග්‍රාමීය ප්‍රදේශවලින් වාර්තාවන බවයි.ඒ හේතුවෙන් මෙම සර්ප දෂ්ට කිරීම් පසුගිය සති කිහිපයක සිට බංග්ලාදේශ සමාජ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක්ද වී තිබෙනවා.

මීයන් ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන සර්ප විශේෂයක් ලෙස තිත් පොළඟා ප්‍රකටය.මේ හේතුවෙන් මීයන් වැඩි වශයෙන් ගැටෙන මිනිස් ජනාවාස අසල තිත් පොළොඟන් සිටින බැවින් සර්ප දෂ්ට කිරීම් වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

එමෙන්ම සත්ත්ව විශේෂඥයන් පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ, අස්වැන්න නෙළන කාලය තුළ ගොවිබිම් වලද වැඩි වශයෙන් මෙම සර්පයා දක්නට ලැබෙන බවයි.

බංග්ලාදේශයේ සිදුකළ නවතම සමීක්ෂණයකින්ද හෙළිවී ඇත්තේ සර්ප දෂ්ට කිරීම් වලින් සෑම වසරකම එරට පුද්ගලයින් 7,000ක් පමණ මිය යන බවයි.

තිත් පොළඟා 2002 වසරේදී බංග්ලාදේශයෙන් වඳ වී ගිය සර්පයෙකු ලෙස තොරතුරු වාර්තා කර ඇති වුවත්, මේ වනවිට එම සර්පයා නැවතත් ප්‍රදේශ රැසකින්ම හමු වී ඇත.මේ වන විට බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 25කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී ඇත.

සත්ත්ව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සාමාන්‍යයෙන් වියළි ප්‍රදේශවල ජීවත් වන සර්පයා විවිධ දේශගුණික තත්ත්වයන්ට අනුවර්තනය වී ඇති බවයි.

Team CNF

Recent Posts

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් !

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල…

14 mins ago

විදේශීය සිසුන් ගැන කැනේඩියානු රජයෙන් දැනුම් දීමක් !

අධ්‍යාපන ආයතන සඳහා විදෙස් සිසුන් බඳවා ගැනීම තවදුරටත් අවම කිරීමට කැනේඩියානු රජය තීරණය කර තිබෙනවා.…

8 hours ago

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් !

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ,…

8 hours ago

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 305 යි !

සංචාරක නවසීලන්තය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු…

8 hours ago

ආහාර විෂවීමකින් 500ක් රෝහලේ !

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන්…

9 hours ago

කෙහෙළියගේ පුතාට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් අධිකරණ නියෝගයක් !

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම්…

9 hours ago