Local

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න ජීවන ගීය නිමා කරයි !

ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අද (30) උදෑසන ඕස්ට්‍රේලියාවේදී අභහවප්ප්‍රාප්ත වී තිබෙනවා.

ප්‍රේමරත්න මහතා අභහවප්ප්‍රාප්ත වනවිට 94 වැනි වියේ පසුවුවා.

1931 වසරේ අප්‍රේල් 29 වන දින කොටහේනේ දී උපත ලද ප්‍රේමරත්න ගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1952 දී වේදිකාගත කළ ‘හීන කුලය’ නම් නාට්‍ය හරහායි

ලංකාවේ වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සැපයු ඇත්තේ ෂෙල්ටන් ප්‍රේමරත්න ‘හුනුවටයේ කතාව’, ‘කෝන්තරේ’, ‘මන්ත්‍රී හාමුදුරුවෝ’, ‘හොටබරි යුද්දේ’, ‘තහංචි’ හා ‘කුවේණි’ ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ දස්කම් මනාවට පෙන්වූ උදාහරණ කිහිපයක්.

මාලිනී බුලත්සිංහල ගායනා කළ “සඳ මඩලේ සිට”, සුජාතා හා මිල්ටන් පෙරේරා ගායනා කළ “සුපුන් සඳක් නැගීලා”, හරූන් ලන්ත්‍රා හා සුජාතා ගායනා කළ “හංසරානී”, රංජනී පෙරේරා ගායනා කළ “සීතල පාළුව” හා සුජාතා ගායනා කළ “රන්තරු පුන්සඳ”විජේරත්න වරකාගොඩ ගැයූ “හිරුපායනවා”, මොරිස් දහනායක ගැයූ “ඔන්න ඕලු මලක්”, ශ්‍රීමති තිලකරත්න ගැයූ “කිරි කැටි පුතුනේ”අමරදේව හා චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ “කැන්දන් එන්නේ කවදද මා” ගුණදාස කපුගේ ගැයූ “නාඹර ගොයමට” ගීත ෂෙල්ටන්ගේ මිහිරි නිර්මාණ අතරින් අතලොස්සකි.

එමෙන්ම සිංහල චිත්‍රපටයක ආ ප්‍රථම ඉංග්‍රීසි ගීතය වන්නේ “My dreams are roses for my love” ගීතය යි (රෝමියෝ ජුලියට් චිත්‍රපටයේ). මෙහි පද රචනය මර්සලින් ජයකොඩි පියතුමා විසින් කරනු ලැබූ අතර සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් විසින්.

“යුද්දෙට මම ගියා ගෑනි ගෙදර තියා “ ගීතයද ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ නිර්මාණයන් අතර ප්‍රසිද්ධ නිර්මාණයක් බවට පත්වුණා.

අභාවප්‍රාප්ත ෂෙල්ටන් ප්‍රේමරත්න මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය බවයි පවුලේ සමීපතයන් පැවසුවේ.

Team CNF

Recent Posts

කදුරුවෙල වෙළඳසැල් දෙකක් ගිනිගෙන විනාශයි !

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කදුරුවෙල නගරයේ ඊයේ රාත්‍රී 8ට පමණ වෙළඳසැක් දෙකක හදිස්සි ගිනිගැනීමක් සිදු…

34 mins ago

අනුර කුමාර දිසානායක රෝගාතුර වෙයි !

පසුගිය මැතිවරණ කටයුතුවලින් වෙහෙසට පත්වීම හේතුවෙන් ජාතික ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර…

58 mins ago

අද කාලගුණයේ නවතම තතු මෙන්න !

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා දින කාලගුණ වාර්තාව මෙලෙස සයහන්ව තිබුණා. බස්නාහිර, සබරගමුව සහ…

2 hours ago

නිවසක් පතොරම් තොගයක් – දරුවා පතොරමක් පාසලටත් ගෙනවිත් !

ගලෙන්බිදුණුවැව - අක්කර විස්ස ප්‍රදේශයේ නිවසක අල්මාරියක මුදල් දමන ප්ලාස්ටික් කැටයක සඟවා තිබු පතොරම් තොගයක්…

18 hours ago

කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් හදිසියේ ම ගිනි ගනී !

පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් හදිසියේ ම ගිනි ගෙන…

18 hours ago

ෂාරුක් ඛාන් වැඩිම බදු ගෙවීම් ලැයිස්තුවේ පෙරමුණට !

ඉන්දීය රුපියල් කෝටි 92ක බදු මුදලක් ගෙවමින් 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම ආදායම් බදු ගෙවූ…

1 day ago