සංචාරක, ඉඩම්, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් ලෙස වෙනස් ආරක් ගත් දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිත අතර ” අභිමානවත් රටක්”යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂ මැයි රැළියද එදින පැවැත්වෙනු ඇත.
මැයි පළවෙනිදා මාලිගාවත්ත ප්‍රදේශයේදී මෙම දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර නොමිලේ පැවැත්වෙන මේ ප්‍රසංගයට ඉන්දියාවේ ජනකාන්ත කලා ශිල්පින් පස් දෙනෙක් සහභාගි වීමට නියමිත බව වාර්තාවේ.
ඊට අමතරව ලංකාවේද ජනකාන්ත ශිල්පීන් සහභාගි වන මේ ප්‍රසංගය ශේන් සිං ගේ ලයින් වන් සංගීත කණ්ඩායම විසින් සංගීතවත් කරනු ඇත.
එදිනට සහභාගීවන ඉන්දීය කලාකරුවන්,
- Vrusha Balu
- athyaprakash Darmar
- Reshama S Shyam
- Ramya N S K
- Krish