අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර මිල ඉහළට!

2.5k Views
1 Min Read

කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටි, කිරි තේ මිල අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ආහාරවල නිෂ්පාදන මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මෙලෙස අද සිට ක්‍රියාත්මක වන පරිදි මිළ ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි එම සංගමය එහිදී සඳහන් කළේ ඒ අනුව, ප්ලේන්ටි මිල රුපියල් 5කින්, කිරි තේ රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

තවද, රයිස් ඇන්ඩ් කරී කෑම එකක මිල රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 50කින් ආදී වශයෙන් ඉහළ දමන බවයි සඳහන් වන්නේ.

Share This Article
Leave a comment