කාදිනල් හිමි ගැන ඒකීයව කරන ඕනෑම සඳහනක්, කතෝලික රදගුරු සමුළුවේ සාමූහිකත්වයට කරන හානියක් බව පවසමින් එම සමුළුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.
එම ලිපිය මඟින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා පසුගියදා ඩොයිෂ් වෙල් නමැති ජර්මානු රූපවාහිනී නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා රදගුරු සමුළුව සහ කාදිනල් හිමිපාණන් පිළිබඳව සිදු කළ ප්‍රකාශයන් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුව ඇති බවයි.
මෙම සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකදී තමා ගනුදෙනු කරන්නේ රදගුරු සමුළුව සමඟ මිස කාදිනල්වරයා සමඟ නොවන බව ජනාධිපතිවරයා පවසා තිබුණා.
මේ අතර, ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අදාළ සාකච්ඡාවේදී සඳහන් කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් FBI, බ්‍රිතාන්‍ය පොලිසිය, ඉන්දියාව, චීනය, ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානයේ රහස් ඔත්තු සේවා නිකුත් කළ වාර්තාවල පිටපත් ඉල්ලා තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි වාර්තා පිළිබඳව මින් පෙර කිසිදු අවස්ථාවක මහජනතාවට හෝ කතෝලික රදගුරු සම්මේලනයට දැනුම් දීමක් සිදු කර නොමැති බවයි.
රදගුරු සම්මේලනයට රදගුරු පදවි 12 හි රදගුරුවරුන් සහ කොළඹ සහායක රදගුරුවරුන් තිදෙනා ඇතුළත් වන අතර ඔවුන් සියල්ලෝම මෙම ලිපියට අත්සන් තබා තිබෙනවා.
අදාළ ලිපිය පහතින්,
Sinhala-9th-October-2023