ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තරුණියක සමග ලිංගික කටයුතුවල නිරතවීමේ දී තමා කිසිදු නීති විරෝධී ක්‍රියාවක නිරත නොවු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පවසා ඇත.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දිස්ත්‍රික් අධිකරණයක් හමුවේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කර තිබූ නමුත් එයින් 03 ක් මේ වනවිට ඉවත් කරගෙන ඇත.
තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීමේ චෝදනාව පමණක් ඔහුට එරෙහිව තවමත් පවති.
අද අධිකරණයේ දී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් සඳහන් කෙරුණේ සිය සේවාදායිකාවට එක් අවස්ථාවකදී මරණ බිය පවා දැනී ඇති බවයි.
“මට මතකයි ඩැනී මාව හුස්ම හිරකරලා එක අතක් මගේ බෙල්ලට තියලා අනිත් අත ඇඳ උඩ තියාගෙන තත්පර 20-30ක් මාව හුස්ම හිර කළා” යැයි අදාළ කාන්තාව පවසා තිබුණි.
ඇය උසාවියට පැවසුවේ හුස්ම හිරවීම අවම වශයෙන් තුන් වතාවක් සිදු වූ බවත් එක් අවස්ථාවක දී ඔහුගේ දෑත් ඉවත් කිරීමට උත්සාහ කළ බවත්ය. ධනුෂ්ක තමාව හුස්ම හිරකරද්දී සිනා සෙමින් සිටිනු තමා දුටු බව කාන්තාව පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර අද උදෑසන විනිසුරු සාරා හගෙට් ඉදිරියේ අපේක්ෂිත සිව්දින නඩු විභාගයට පෙර ධනුෂ්ක ගුණතිලක, තවත් කාන්තාවක් සමඟ අත්අල්ලාගෙන අධිකරණ සංකීර්ණයට පැමිණ සිටීම ද විශේෂත්වයක් විය. කෙසේ නමුත් ඇය කවුරුන් දැයි මාධ්‍ය මෙතෙක් නිෂ්චිතව වාර්තා කර නොමැත.
මෙම සිදුවීම ධනුෂ්ක ගුණතිලකගේ නඩුවට බලපෑමක් සිදු කරන නිරූපිත පෙලඹවීමක් බවට ද විදෙස් මාධ්‍ය කරුණු වාර්තා කොට තිබුණා.
සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…
නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…