ගල්කිස්ස අල්විස් පෙදෙස ‘‘බ්ලූඕෂන්” නිවාස සංකීර්ණයේ නැවති සිටි එංගලන්ත පුරවැසි තරුණියක එහි 13 වන මහලෙන් බිමට වැටී මියගොස් තිබේ.
අද (09) අළුයම් කාලයේ දී සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සින්නයියා අලගේෂ්වරන් රොමීනා නමැති තරුණියකි.
ඇය Facebook සමාජ මාධ්‍ය හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු හඳුනාගෙන ඇති අතර පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ කර තිබේ.
මෙම තරුණයාගේ අරයුම මත අන්තර්ජාලය හරහා වෙන් කරගන්නා ලද ගල්කිස්ස අල්විස් මාවතේ පිහිටි අදාළ නිවාසය කුලියට ගෙන අප්‍රේල් මස ලංකාවට පැමිණි ඇය එහි පදිංචිව සිට ඇත.
හෙට (10) දින ඇය නැවතත් එංගලන්තය බලා යාමට නියමිතව තිබුණු බව හෙළි වී තිබේ.
අද අලුයම දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.
මෙය මිනී මැරුමක් ද සිය දිවි හානි කරගැනීමක් ද යන්න පිළිබඳව මේ වනතුරුත් පැහැදිලි අදහසක් නැත.
මියගිය තරුණිය සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය නීති ශිෂ්‍යයා සිද්ධිය සම්බන්ධව සැකපිට පොලිස් බාරයට ගෙන තිබේ.
පොලීසිය පෙම්වතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, ඊයේ රාත්‍රියේ දෙදෙනා අතර ආගම සම්බන්ධයෙන් සුළු බහින්බස්වීමක් ඇති වූ බවය.
එමෙන්ම ඔහු ඊයේ දහවල් බීර කෑන් 6ක් පමණ පානය කර සිටි බවත් රාත්‍රියේ නින්දට යෑමෙන් පසුව තම පෙම්වතියගේ කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමේදී ඇයගේ මළසිරුර දුටු බවත් ඔහු පොලීසිය හමුවේ පවසා තිබේ.
අනතුරුව අද දහවල් සිද්ධිය වූ ස්ථානය ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය විසින් පරික්ෂා කරනු ලැබීය.
පොලීසිය පැවසුවේ හෙට (10) දිනයේදී සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෙය ඝාතනයක් ද සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබඳව අනාවරණය කරගෙන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවය.