Health

ජාතික රෝහල පැය අටක් අඳුරේ, අවසන් නොවූ ශල්‍යකර්ම විදුලි පන්දම් ආධාරයෙන් !

කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට අද (14) පෙරවරු 10.00 සිට පැය 8 කට අධික කාලයක් විදුලි විසන්ධි වී ඇති බවට වාර්තාවනවා.

එම විදුලිය බිඳ වැටීම පස්වරුව වන විටත් යථාතත්වයට පත්කරමින් සිටින බවයි පැවසෙන්නේ.

විදුලිය බිඳ වැටීමත් සමඟ රෝහලේ දුරකථන ජාලය සහ වායු සමීකරණ පද්ධතිය ද අක්‍රීය වී තිබෙනවා.

තවද ආරම්භ කර තිබූ ශල්‍යකර්ම විදුලි පන්දම් ආධාරයෙන් සිදුකිරීමට වූ බවද, ලේ බැංකුවේ ගබඩා කර ඇති ලේ, ඇතැම් ඖෂධ වර්ග දැඩි අවදානමකට පත්ව ඇති බව සහ දැඩි සත්කාර ඒකකවල යන්ත්‍ර ඒවායේ බැටරියෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

ජාතික රෝහලේ නඩන්තු අංශයේ පරිපාලන නිලධාරීන් නවයක් සේවය කරද්දී සිදුවූ මෙම දැවැන්ත විදුලි බිඳවැටීම පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන බවත් සඳහන්.

Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

6 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

8 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago