සල්ලි හොයන්න ඉලෝන් මස්ක්ගෙන් උපායක් – Twitter වෙනස් වෙන්නේ මෙහෙමයි !

361 Views
1 Min Read

Twitter සමාජ ජාලයේ පුද්ගලයෙකුට කියවිය හැකි දෛනික ට්විටර් පණිවුඩ සංඛ්‍යාව සීමාකර තිබේ.

Twitter සමාගමේ වත්මන් හිමිකාර ඊලොන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ, දත්ත වංචා වැළැක්වීමේ අරමුණින් තාවකාලික හදිසි පියවරක් ලෙස එම තීරණය ගෙන ඇති බවය.

කෙසේ නමුත් මෙය මුදල් ඉපයීමේ උපායක් ලෙස විවිධ සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ වනවිට සඳහන් කොට තිබෙනවා. ඒ මෙම සිමාකිරීම සත්‍යාපනය කරන ලද ගිණුම් වලට අදාළ නොවන නිසායි.

ඒ අනුව, සත්‍යාපනය කරන ලද මාසිකව ඩොලර් 08ක මුදලක් වැය වන ගිණුම් සඳහා දිනකට පණිවුඩ 8,000ක් කියවීමට අවස්ථාව හිමිවේ.

සත්‍යාපනය නොකළ හෝ නොමිලේ ක්‍රියාත්මක ගිණුම් සඳහා දෛනිකව කියවිය හැක්කේ පණිවුඩ 800ක් පමණක් බව වාර්තා වේ.

නව සත්‍යාපනය නොකළ ගිණුමක් සඳහා දිනකට කියවිය හැකි පණිවුඩ සංඛ්‍යාව 400කට සීමාකර තිබේ.

Share This Article
Leave a comment