පිළියන්දල – පැලන්වත්ත, සමගි මාවත ප්‍රදේශයේ දී විසි හැවිරිදි තරුණියකට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයෙකු එම ප්‍රදේශයේ තිබෙන සන්නිවේදන කුළුණක් මත නැගී සිට තිබෙනවා.
එම ස්ථානයට පැමිණි පිළියන්දල පොලිසිය පැය තුනක පමණ දැඩි පරිශ්‍රමයකින් පසු ඔහු එම කුළුණෙන් බිමට බස්වා පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
සැකකරු විසින් මෙම තරුණියට මෙලෙස පහරදී ඇත්තේ ඇයගේ පියා සමග ඇතිවූ ආරවුලක් හේතූවෙන් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති පුද්ගලයකු බවයි පොලිසිය පවසන්නේ.
එම තරුණියගේ හිසේ සහ ශරීරයේ කැපුම් තුවාල තිබී ඇති අතර ඇය හෝමාගම රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
එහිදි ඇය කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.