Local

ඉන්දියාවේ සුපිරි නැවක් සිය පළමු ජාත්‍යන්තර ගමන ශ්‍රී ලංකාවට එයි !

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ශක්තියක් වෙමින් ඉන්දියාවේ කොර්ඩේලියා කෘෘස් MV Empress සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය සිය මංගල ජාත්‍යන්තර ගමන සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර තිබේ.

ඒ අනුව මේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරායෙන් ඊයේ (05) පිටත්ව තිබෙන අතර එම උත්සව අවස්ථාවට ඉන්දියාවේ වරාය, නාවික හා ජලසම්පාදන ඇමැති සබානන්ද සොනොවල් මහතා එක්ව ඇත. මේ නෞකාව චෙන්නායි වරායේ සිට යාපනයට පැමිණෙන අතර මේ මංගල ගමන ආරම්භයට පෙර චෙන්නායිහි ITC Grand Chola හෝටලයේ දී වැඩසටහනක් ද සංවිධාන කර තිබිණි.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් අමාත්‍ය සොනොවාල් පැවසුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ගතික නායකත්වය යටතේ සමුද්‍ර වෙළඳාමේ අවස්ථා ඉහළ නැංවීමට විවිධ පියවර ගනිමින් සිටින බවයි.

රාත්‍රී 3, 4 හා 5 වශයෙන් සංචාරය කිරීමේ පැකේජ අවස්ථාව මෙහිදී සංචාරකයන්ට උදාවන අතර මේ නෞකාව හෙට (07) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

මෙම නෞකාව ශ්‍රී ලංකාවේ වරායන් තුනකට යාත්‍රා කරන අතර ඒවා නම් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරායන්වේ.

මේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වර්ග මීටර් 2,880 ක වපසරියක පැතිරී ඇති අතර එකවර මගීන් 3,000 කට සත්කාරකත්වය සැපයීමේ හැකියාව ඇත.

නෞකාව පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් ද සංවිධානය කර තිබෙන අතර ඒ සඳහා මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද සහභාගිවීමට නියමිතයි.

TEAM CNF 02

View Comments

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

5 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

7 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

7 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

7 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

8 hours ago