බලපිටිය උසාවියෙන් ඇසෙන ඛේදවාචකයක් – තම දියණියට බරපතල ලිංගික අතවර සිදුකල පියාට වසර 110ක සිරදඬුවමක් !

467 Views
0 Min Read

සිය එකොළොස් හැවිරිදි දියණියට බරපතළ ලිංගික අතවර කළැයි චෝදනාවට වරදකරුවූ පියෙකුට වසර 110ක සිරදඬුවමක් නියමකර තිබේ.

බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා එම පුද්ගලයාට බරපතළ වැඩ සහිත වසර 110ක සිරදඬුවමක් ඊයේ (05) නියම කළ බව වාර්තා වෙයි.

වරදකරු 2008 වසරේ සිට අවස්ථා ගණනාවකදී තම දියණියට ලිංගික අතවරකර තිබුණි.

එම පුද්ගලයා ඌරගස්මංහන්දිය, කොරකීන ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකි.

Share This Article
Leave a comment