තිරිඟු පිටි මිල යලිත් ඉහලට?

197 Views
1 Min Read

තිරිඟු පිටි සඳහා පනවා තිබූ ආනයන බදු සහනය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමෙන් ඉදිරි දින කිහිපය තුළදී පිටි මිල යළි ඉහළ යනු ඇති බවට වෙළෙඳ ප්‍රජාව අනතුරු අඟවනවා.

මෙම තීරු බදු සහනය හරහා 2020 ජනවාරි මස රේගු ආනයන බද්ද කිලෝවක් රුපියල් 15 – 16 සිට රුපියල් 3 දක්වා අඩු කිරීම සිදු කරනු ලැබුවා.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් රේගු ආඥාපනතේ 19A වගන්තියට අනුව මෙම තීරණය පිළිබඳව රේගු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

Share This Article
Leave a comment