පළාත් පාලන මැතිවරණය පිලිබඳ IMF විසින් විශේෂ දැනුම් දීමක් !

232 Views
1 Min Read

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) මෙරටට ලබාදෙන ණය පහසුකම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙනවා.

දූෂණ විරෝධය හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිය අරමුදල ලබා දෙන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැදගත් කරුණු දෙකක් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.

ඔවුන් සිය මාධ්‍ය හමුවේදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට බලපෑමක් සිදු නොකළ බවයි.

කිසිඳු අවස්ථාවක පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා රජයට තම අරමුදල විසින් නිර්දේශයක් නිකුත් කර නොමැති බවයි එම මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර අරමුදල වැඩිදුරටත් සඳහන් කළේ.

Share This Article
1 Comment