කොළඹ 07 පිහිටි තායිලන්ත තානාපති නිල නිවස මංකොල්ල කයි !

තායිලන්ත තානාපති Poj Hanpolගේ කොළඹ 7, මල් පාරේ පිහිටි නිල නිවසට සොරෙකු කඩා වැදීමෙන් පසු කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය පවසනවා.

සොරා රුපියල් කෝටි 100ක පමණ දේපළ සහ මුදල් සොරකම් කර ඇති බව යි වාර්තා වන්නේ.

ඉරිදා අලුයම 2.00ත් 7.00ත් අතර කාලය තුළ මෙම මංකොල්ලය සිදු ව ඇති අතර, සොරකම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබුණු බව සඳහන්.

සොරාගත් භාණ්ඩ සහ මුදල් අතර ජංගම දුරකථනයක්, සමරු තිළිණයක්, තායිලන්ත මුදල් සහ ශ්‍රී ලංකා රුපියල් ද තිබූ බව වාර්තා වනවා.

පොලිස් නිලධාරියෙකු නිවසින් පිටත සිටිය දීත් තවත් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු නිවස තුළ සිටිය දීත් මෙම කොල්ලය සිදු ව ඇති බව යි සඳහන් වන්නේ.

සිද්ධිය පිළිබඳ කිසි ම සැකකරුවකු පොලිසිය තවමත් අත්අඩංගුවට ගෙන නෑ.

Ceylon News Factory

Recent Posts

රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස් !

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට…

5 hours ago

උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන මෙන්න !

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම…

7 hours ago

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළට !

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම…

8 hours ago

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා !

නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය…

8 hours ago

ට්‍රැක්ටර් අනතුරට අදාළව විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් !

අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන්…

8 hours ago

ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි – අද කාලගුණය මෙන්න !

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට…

9 hours ago