ධනුෂ්කට අදත් ඇප අහිමි වෙයි – අද අධිකරණයේ දී ලබාදුන් තීන්දුව මෙන්න !

196 Views
1 Min Read

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට අද දිනයේත් (7) ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවනවා.

ධනුෂ්ක ගුණතිලකට ලිංගික අපයෝජන චෝදනා 4ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බැවින් ඇප ඉල්ලා අද (7) සිඩ්නි අධිකරණයට මාංචු දමා වීඩියෝ තාක්ෂණය ඔස්සේ තම අනන්‍යතාව තහවුරු කිරීමට පමණක් කතා කළ ධනුෂ්ක ගුණතිලක ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ තිරයක දර්ශනය විය.

ඔහු විදේශිකයෙකු වීම සහ ඔහු ලබා දුන් ලිපිනයේ සිටින බවට සහතික විය නොහැකි බව මත ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබෙන බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඔහු තවදුරටත් පොලිසිය බාරයේ රඳවා තබා ගැනීමට කටයුතු කරනු ලැබේ.

Share This Article
1 Comment